සිංහල කවි සරණිය
සිංහල කවි සරණිය නමින් බ්ලොග් අඩවියක් අන්තර්ජාලයට මුදාහැරීමට මා පොලඹවනු ලැබූයේ වත්මන් සිංහල සාහිත්‍යය තුල සිංහල කාව්‍යය මිය යමින් පවතින ස්වභාවය විසින් මා තුල අැති කළ සංවේගයයි. මෑතක දිනෙක, මගේ නිර්මාණ එකතුවක්ද රැගෙන දිවයිනේ සුප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයෙකු වෙත ගියෙමි. එහිදී මා අාපසු හරවා එවූයේ "දැං කවි පොත් යන්නෙ නෑ" යන හද කම්පා කරවන පිළිතුර ද සමගය. එකී කම්පාවට හේතුව මාගේ නිර්මාණයන් පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට වේදිකාවක් නොලැබීම නොව "කවි රස විදින්නෝ අප සමාජයේ නැත" යන අදහස ඉන් ගම්‍ය වීමයි. 'සිංහල කවි සරණිය' නැමති බ්ලොගයේ අරමුණ වන්නේ කාව්‍යකරණයේ නියැලෙන සුවහසක් කවීන් වෙත තම නිර්මාණ කලඑළි බැස්සවීමට වේදිකාවක් තැනීමත් එසේම කව් පිපාසයෙන් පීඩිත කවි රසික කැළ අස්වැසීමත් තුලින් අද මිය යමින් පවතින 'කවිය' යලි උත්ථාපනය කිරීමයි.
No comments:
Post a Comment